![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgWjcxsTFZwVJoRF1rOauBXGDoL57733F2DDQeF-XLXsLWY6YqFlPlSeQnvuUWo8Y1UzVejxLvMdgSp832MIR2dDzfnNk5euhYVQ6lWZnpiK6ygK434HTRW80x-36OrbhMGwA7kH93Y3LFM/s320/loka.jpg)
උතුරු පළාතේ පාසල් සංවර්ධන කටයුතු සඳහා ලෝක බැංකුව මූල්‍යාධාර සැපයීමට පියවර ගෙන තිබේ.
ඒ යටතේ ලබා දීමට නියමිත මුදල රුපියල් මිලියන 300 ක් වන අතර දැනටමත් එයින් රුපියල් මිලියන 33 ක මුදලක් ලැබී ඇති බව සඳහන් වේ.
එම මුදල පාසල් දහසක බෙදා හැරීමට පියවර ගෙන තිබේ. යුද ගැටුම් හේතුවෙන් හානියට පත් පාසල් ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය කිරීමටත් අලුතින් ගොඩනැඟිලි ඉදි කිරීමටත් මෙම මුදලින් කොටසක් යෙදවීමට නියමිතය.
ඊට අමතරව පරිගණක , විද්‍යාගාර ආදී පහසුකම් සැපයීමට ද මෙමඟින් අපේක්ෂා කෙරෙයි.adaderana
0 comments:
Post a Comment