![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjtBsqL4akNV7S71ZNME59E3TIxI6Gd18KX766YosSbpPqV3-IK1ZYHRYf5F3MHdC8EA_06Z9zBsM0hjUs5dK61Wf-l-PPfBiVoekkSJz-cSNuQ2CRF9rAKQBTEFxWCus40MroUf_85_b8X/s320/apaa.jpg)
එළඹෙන මහ මැතිවරණය සඳහා ඊයේ දිනය වන විට ස්වාධීන කණ්ඩායම් 170 ක් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
ඒ අනුව ඊයේ දිනය තුළ ස්වාධීන කණ්ඩායම් 58 ක් ඇප මුදල් තැන්පත් ර ඇති බව සඳහන් වී ඇති අතර නාමයෝජනා බාර දී ඇති ස්වාධීන කණ්ඩායම් ගණන 14 කි. කොළඹ , ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික් සදහා ස්වාධීන කණ්ඩායම බැගින් ද , රත්නපුර , පුත්තලම , කෑගල්ල , කළුතර යන දිස්ත්‍රික්ක සඳහා ස්වාධීන කණ්ඩායම් දෙක බැගින් ද මාතලේ දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක්ද ඊයේ දිනය වන විට නාම යෝජනා බාරදී තිබේ. මීට අමතරව දේශපාලන පක්ෂ 7 ක් සහ දිස්ත්‍රික් 12 ක් සඳහා නාමයෝජනා බාර දී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය නිවේදනය කරයි..
ඒ අනුව ජනසෙත පෙරමුණ ගාල්ල , වන්නි , අනුරාධපුර , නුවරඑළිය යන දිස්ත්‍රික් සදහා නාමයෝජනා භාරදී ඇති බව සඳහන් වේ.. සිංහලේ මහා සම්මත භූමී පුත්‍ර පක්ෂය ත්‍රිකුණාමල දිස්ත්‍රික්යටද , එක්සත් ජනතා නිදහස් සන්ධානය ගාල්ල දිස්ත්‍රික්කයට ද ඊයේ නාමයෝජනා බාරදී තිබේ.
ටි.එම්.වී.පි. පක්ෂය යාපනේ හා වන්නි දිස්ත්‍රික් සදහා නාමයෝජනා බාරදී ඇති බව සඳහන් වේ..
මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා කම්කරු පක්ෂයත් , මහනුවර , මොණරාගල දිස්ත්‍රික්ක සදහා ජාතික සංවර්ධන පෙරමුණත් නාමයෝජනා බාරදී ඇති අතර ඊයේ දිනය තුළ කළුතර දිස්ත්‍රික්කය සදහා නාමයෝජනා බාරදී ඇති පක්ෂය වන්නේ දේශප්‍රේමී ජාතික පෙරමුණයි. ada
0 comments:
Post a Comment