Friday, April 9, 2010

මොණරාගල ජය පුෂ්පකුමාරට


වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගනිමින් මොණරාගල දිස්ත්‍රික්කය ජය ගැනීමට ජගත් පුෂ්පකුමාර මහතා සමත්ව තිබේ. ඒ මනාප 67, 903 ක් ලබාගනිමිනි.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇති රංජිත් මද්දුම බණ්ඩාර මහතා ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 15, 105 කි. එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාමිණී විජිත් විජිත මුනි සොයිසා මනාප 54, 515ක් ද සුමේධා ජී ජයසේන මහත්මිය මනාප 45, 837ක් ද විජිත බේරුගොඩ මහතා මනාප 43, 001ක් ද ලබාගෙන ඇත. adaderana

ගාල්ලේ ජය මුතුහෙට්ටිගමට


මනාප 124, 368ක් ලබාගනිමින් ගාල්ල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සමත්ව තිබේ. ‍
එම දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය දිනාගෙන ඇත්තේ සන්ධාන අපෙක්ෂක රමේෂ් පතිරණ මහතාය. ඒ මනාප 94, 317ක් ලබාගනිමිනි. ගුණරත්න වීරකෝන් මහතා ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 67, 895කි. එම දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ වැඩිම මනාප සංඛ්‍යාව හිමිකරගෙන ඇත්තේ මනූෂ නානායක්කාරය. ඒ මනාප 47, 060කි. එම පක්ෂයේ ගයන්ත කරුණාතිලක මහතා ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 46, 168කි. adaderana

බදුල්ල නිමල් සිරිපාලට


බදුල්ල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ප්‍රමාණය හිමිකර ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක නිමල් සිරිපාල ද සිල්වා සමත්ව තිබේ. ඒ මනාප 141, 990ක්ය.
එම දිස්ත්‍රික්කයෙන් ඩිලාන් පෙරේරා මහතා මනාප 69, 610ක් ලබාගෙන ඇත. චාමික බුද්ධදාස මහතා ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 42, 856කි. adaderana

නාමල්ට විශිෂ්ට ජයක්


හම්බන්තොට දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල අනුව මනාප 147, 566ක් ලබාගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ජයග්‍රහණය කර තිබේ. එමෙන්ම මහින්ද අමරවිර මහතා මනාප 105, 414ක් දචමල් රාජපක්ෂ මහතා මනාප 79, 647ක් ද ලබාගෙන තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතා මනාප 74, 467ක් ලබාගෙන තිබේ. ඩිලිප් වෙද ආරච්ච් මහතා මනාප 47, 160ක් ලබාගෙන ඇත. adaderana

වැඩිම මනාප සනත්ට


මාතර දිස්ත්‍රික් මනාප ප්‍රතිඵලයට අනුව මනාප 74, 352ක් ලබාගනිමින් සනත් ජයසූරිය ඉදිරියෙන් සිටින බව මාතර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි ඩබ්. කේ. කේ. අබේවර්ධන පවසයි.
එමෙන්ම මහින්ද යාපා මනාප 70, 439ක් ද ලක්ෂ්මන් යාපා අබේවර්ධන මනාප 67,510 ක් ද චන්ද්‍රසිරි ගජධීර මනාප 51, 042ක් ද හේමලාල් ගුණසේකර මනාප 51, 013ක් ද විජය දහනායක මනාප 44, 463 ක් ද ලබාගෙන ඇත. එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක වන බුද්ධික පතිරණ මනාප 62, 499ක් ද මංගල සමරවීර මනාප 59, 836ක් ද ලබාගෙන ඇත. adaderana

මහ මැතිවරණයෙන් සන්ධානය ජය ගනී


මෙවර මහ මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිපලවලින් මේ වන විට දිස්ත්‍රික් තුනක සමස්ත ප්‍රතිපල නිකුත් කර අවසන් වන අතර, මෙම ප්‍රතිපල අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජය හිමිව ඇත. මේ අතුරින් මාතර සමස්ත ජය සන්ධානයට හිමිව ඇති අතර, එහි දී එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 213,937 ක් ලබා‍ගෙන ඇති අතර එක්සත් ජාතික පක්ෂය ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 91,114 කි. එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වී ඇති ආසන ගණන 06 ක් වන අතර එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ආසන ගණන 02 කිග
එනේම හම්බන්තොට සමස්ත ජයත් සන්ධානයට හිමිව ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 174,808 ක් ලබා‍ගෙන ඇති අතර, එක්සත් ජාතික පක්ෂය ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 83,027 කි. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වී ඇති ආසන ගණන 05 ක් වන අතර එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ආසන ගණන 02 කි.lankatruth

නාවලපිටියේ ඡන්දය 16


මැතිවරණ කොමසාරිස්වරයා විසින් ශුන්‍ය කරන ලද මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය ඡන්ද කොට්ඨාසයේ ඡන්දය ලබන 16 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ.
බලහත්කාරයෙන් ඡන්දය දැමීම ඇතුළු අවසාන ප්‍රතිඵලයට බලපෑම් වන අයුරින් මැතිවරණ දූෂණ සිදුව ඇති බවට දේශපාලන පක්ෂ හා නිරීක්ෂණ කණ්ඩායම් කළ දැනුම්දීමකට අනුව නාවලපිටිය ආසනයේ ඡන්දය ශුන්‍ය කෙරිණි.lankatruth

මම ඉන්නව - මැකො කියයි


මැතිවරණ කොමසාරිස්වරයා සිය කාර්යාලය වන රාජගිරියේ පිහිටි මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ සිටින බවත්, තමන් සමඟ ඕනෑම මොහොතක සම්බන්ධ විය හැකි බවත් මැතිවරණ කොමසාරිස්වරයා පවසයි. නමුත් මෙම පුවතට අදාල තොරතුරු අප වෙත වාර්තා කරනු ලැබුවේ අද දින මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ කටයුතු කළ පක්ෂ නියෝජිතයින් වන අතර, එම පුසත සම්බන්ධයෙන් තහවුරුවක් එම පක්ෂ නියෝජිතයින් විසින් අප වෙන දැක්වීය.
අප පුවත පිළිබඳව අවධානය යොමු කිරීම පිළිබඳව අප මැතිවරණ කොමසාරිස්වරයාට ස්තුතිවන්ත වන අතර, නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් මෙම පුවත සම්බන්ධයෙන් හෝ මෙවන් අවධානයක් යොමු කිරීම පිළිබඳව අප අගය කරමු.
නමුත් අප වැඩිදුරටත් තහවුරු කරනුයේ අද දින කිසිදු අවස්ථාවක මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයට මැතිවරණ කොමසාරිස්වරයා නොපැමිණි අතර, මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය විසුරුවීමේ අවස්ථාවට ද මැතිවරණ කොමසාරිස්වරයා සම්බන්ධ නොවූ බවයි. එමෙන්ම අද දින අදාල ස්ථානයේ කටයුතු කළ පක්ෂ නියෝජිතයින් හා දුරකතනයෙන් හෝ සම්බන්ධ වූ බවට මැතිවරණ කොමසාරිස්වරයාට තහවුරු කිරීමට හැකි නම් ඒ සම්බන්ධයෙන් හැකි නම් තොරතුරු දක්වන ලෙසත් අප මැතිවරණ කොමසාරිස් දායානන්ද දිශානායක මහතාට අවධාරණය කර සිටිමු.lankatruth

දුම්රිය තාක්‍ෂණ ශිල්පීන්ගේ වැටුප් වහාම ලබා දෙන්න - වෘත්තීය සමිති මහා සම්මේලනය ඇමැති ඩලස්‌ගෙන් ඉල්ලයි


ශ්‍රී ලංකා දුම්රිය තාක්‍ෂණ ශිල්පීන්ගේ වෘත්තීය ගැටලුවලට වහාම විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී සිටින බැවින් වහාම තම සේවකයන්ගේ වැටුප් ලබාදෙන්න යැයි කියමින් වෘත්තිය සමිති මහා සම්මේලනය ඇමැති ඩලස්‌ අලහප්පෙරුම මහතා වෙත ලිපියක්‌ යවමින් කියා සිටී. එම ලිපිය මෙසේය.
වෘත්තීය ඉල්ලීම් කිහිපයක්‌ මුල් කර ගනිමින් ශ්‍රී ලංකා දුම්රිය සේවයේ තාක්‍ෂණ ශිල්පී සංගමය අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක්‌ ආරම්භ කර ඇත. 2010 මාර්තු 29 දින ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට අද වන විට දින 10 ක්‌ ගත වුවද එයට අදාළ වෘත්තීමය ඉල්ලීම් විසඳීමට දුම්රිය බලධාරීන් හෝ ඔබතුමා කඩිනම් ක්‍රියාමාර්ගයක්‌ නොගැනීම ගැටලු සහගත තත්ත්වයකි.
ඔවුන්ගේ ඉල්ලීම මත බඳවාගැනීම් පටිපාටි සංශෝධනය කිරීම හා මූලික තාක්‍ෂණ සේවයට අදාළ වැටුප් තලයන් ලබාගැනීම වැනි ඉල්ලීම් ඔබ රජයේ වැටුප් සංසන්දනය වන 06/2006 - 1 චක්‍රලේඛනය නිසා උද්ගතවූ බරපතල ගැටලු බව ද සිහිපත් කරන්නෙමු. මෙම ගැටලු හා අසාධාරණයන් උක්‌ත චක්‍රලේඛ නිකුත් කරන ලද 2006.04.25 වන දින ඇති වූ විෂමතාවන් සහ අසාධාරණයක්‌ වන අතර වසර 05 ක්‌ ගත වුවද අදාළ ගැටලුවලට විසඳුම් ලබා දීමට නොහැකිවීම බරපතල අසාධාරණයකි.
එසේම මෙම අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය හරහා දුම්රිය එන්ජින් පරීක්‍ෂා කිරීමකින් තොරව හා ඒ මොහොතේ ධාවනයට සුදුසු බව සහතික කිරීමකින් තොරව මේ වන විට ධාවනයට යොදවන අතර එය මගී ජනයා අනතුරකට භාජනවීමක්‌ බව ද පැහැදිලිය.lankatruth

ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ප්‍රකාශ නොකරන්නැයි මැකොගෙන් මාධ්‍යට බලපෑම්


මහ මැතිවරණය අවසානයේදී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 50% ත් 52% ත් අතර වූ අතර, මෙම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ප්‍රකාශ නොකරන ලෙස මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා විසින් මාධ්‍යයට නියෝග කර ඇත. මෙහිදී සමස්ථ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය පිළිබඳව කිසිදු අවස්ථාවක කිසිදු මාධ්‍යයක් මගින් පළ නොකළ යුතු බවට මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිකුත් කළ අදාල නිවේදනයෙන් දක්වා ඇත.
පසුගිය සෑම මැතිවරණයකදීම ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වන සවස 4.00 න් පසු ප්‍රකාශිත සමස්ථ ඡන්ද ප්‍රතිශතයේ ආසන්න අවස්ථාවක් ප්‍රකාශ කරන අතර, මෙවර එම අවස්ථාව වාරණය කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා නියෝග කර ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඡන්ද නිරීක්ෂණ නිලධාරීන් පවසන්නේ මෙවර මහ මැතිවරණයේදී මැතිවරණ අක්‍රමිකතා සිදු කිරීමේ අවස්ථාවන් මැතිවරණ කොමසාරිස්වරයා විසින්ම ලබා දී ඇති අතර, මේ අනුව මෙවර මහ මැතිවරණය සම්බන්ධයෙන්ද බරපතල සැක සංකා මතුවන බවයි.lankatruth

Thursday, April 8, 2010

ඉතිං කොහොමද මගෙ චූටි දුවේ...?


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැදමුලන දී සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව යළි අරලියගහ මන්දිරය බලා ගමන් ගනිමින් සිටියදී අතර මග සිය රථය නවතා ඡන්දය ප්‍රකාශ කරන්නට ඡන්ද මධ්‍යස්ථාන බලා යන ජනතාවට කතා බහ කරන්නට ද අමතක නොකළේය.එහිදී ජනාධිපතිවරයා කුඩා දැරියකගෙන් සුවදුක් විමසූ අයුරු.

නාවලපිටියේ ඇති තතු ගැන කරූගෙන් පැමිණිලි


නාවලපිටිය ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන 16 ක එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද පොළ නියෝජිතයින් පළවා හැරිය බවට පොලීසියට පැමිණිලි කළ බව එ.ජා.ප නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා පවසයි.
ඒ අනුව එකී ඡන්ද මධ්‍යස්ථාන 16 තුළ ඡන්දය ශුන්‍ය කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි බව ද හෙතෙම අද දෙරණට කියා සිටියේය.
එකී සියලුම ඡන්ද මධ්‍යස්ථාන වල ඡන්ද පොළ නියෝජිතයින් පළවා හැර මැතිවරණ අක්‍රමිකතා සිදු කළ බවට සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. adaderana

මැතිවරණ කොමසාරිස් සුවෙන්


ඇතැම් මාධ්‍ය මගින් මැතිවරණ කොමසාරිස්වරයා අතුරුදහන්ව ඇති බවට අසත්‍ය ප්‍රචාර ගෙනයමින් සිටින බවත්,ඒවායේ කිසිදු සත්‍යතාවයක් නැති බවත් මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා පවසයි.
මේ වන විට මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ 500 කට අධික පිරිසක් රාජකාරි කටයුතුවල නිරත වන බවත්,දේශීය විදේශීය නිරීක්ෂකයින්ද ඒ අතර වන බවත් මැතිවරණ කොමසාරිස්වරයා අද දෙරණ ට පැවසීය.adaderana

නාවලපිටියේදී බලෙන් ඡන්ද පෙට්ටි පුරවලා - ඡන්දය ශූන්‍ය කරන්නැයි ඉල්ලීම්

නාවලපිටියේ ඡන්ද පොළ 47ක විපක්ෂ නියෝජිතයන් පළවා හැරීම සම්බන්ධයෙන් අවධානය යොමු කොට ඡන්දය ශූන්‍ය කරන්නැයි මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය මැතිවරණ කොමසාරිස් වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇත.
අද උදෑසන නාවලපිටිය ප‍්‍රදේශයේ මැතිවරණ භිෂණයක් පැවැති බවත්, එක්සත් ජනතා නිදහස් සංධානයේ අපේක්ෂකයකු වන මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා ඇතුළු විශල පිරිසක් නාවලපිටිය අංක 46 දරන ඡන්ද මධ්‍යස්ථානය වෙත බලහත්කාරයෙන් කඩාවැදී ඡන්ද පත‍්‍රිකා විශාල ප‍්‍රමාණයක් සලකුණු කැර ඡන්ද පෙට්ටියට බලෙන් දැමූ බව වාර්තා වන අතර, මේ සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය මැතිවරණ කොමසාරිස්වරයා වෙත දන්වා ඇත.lankatruth

බුලත් කොළයට කතිරය ගැසූ අරුම පුදුම ඡන්ද පත්‍රිකා නුවරින් හමුවේ


ඡන්දය සලකුණු කිරීම සඳහා ඡන්ද දායකයා වෙත නිකුත් කරනු ලබන ඡන්ද පත්‍රිකාවල බුලත් කොළයට කතිරය සලකුණු කොට තිබීමේ පුවතක් වාර්තා වේ. මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය ඡන්ද කොට්ඨාසයේ වරකාව ක.වි, කදිරේෂන් විදුහල, අනුරුද්ධ කුමාර විදුහල යන ඡන්ද මධ්‍යස්ථානවල මෙවැනි ඡන්ද පත්‍රිකා ලබා දී ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ නියෝජිතයා පවසයි. lankatruth

මැතිවරණය සාමකාමීයි-පොලිස්පති


මැතිවරණය සාමකාමීව පැවැත්වුණු බව පොලිස්පති මහින්ද බාලසූරිය මහතා පවසයි.
අද දවසේ වාර්තා වූයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 11 ක් පමණක් බවත්,එය සාපේක්ෂ වශයෙන් අඩු තත්ත්වයක් බවත් හෙතෙම කියා සිටියේ අද සවස පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
‍ එසේ වුවද දිවයින පුරා සිදුවූ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 160ක් පිළිබඳව වාර්තා වී ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යස්ථානය වාර්තා කර තිබිණි. adaderana

ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ප්‍රතිඵල වලින් පසු


මෙවර මහ මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ප්‍රතිඵල නිකුත්කිරීමෙන් අනතුරුව නිකුත් කරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
මීට පෙර මැතිවරණවලදී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශත ඡන්ද ප්‍රතිඵල ලබාදීමට පෙර ඡන්දය අවසන් වූ අවස්ථාවේදීම නිකුත් කරනු ලැබීය. එහෙත් එම තොරතුරුවල නිරවද්‍යතාවය පිළිබඳ ගැටළු ඇති වූ බව අතිරේක මැතිවරණ ‍ෙකාමසාරිස් පී. සුමනසිරි මහතා ප්‍රකාශ කළේය. මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව නිරවද්‍ය ප්‍රතිශත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේය. adaderana

ඡන්ද වැඩ අතරේ මත්පැන් බී වැඩ තහනම්


පුත්තලම ප්‍රදේශයේ මැතිවරණ රාජකාරි කටයුතුවල නිරතව සිටියදී මත්පැන් පානය කළ බව කියන පොලිස් නිලධාරීයෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර තිබේ. පුත්තලම පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකුගේ සේවය මෙසේ අත්හිටුවා ඇති බව වාර්තා වේ. පුත්තලම, නාගවිල්ලුව අවතැන් කඳවුරේ පිහිටි මුස්ලිම් විද්‍යාලයේ ආරක්ෂාව සඳහා‍ මෙම නිලධාරියා යොදා තිබුණි.
පුත්තලම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඡන්ද මධ්‍යස්ථාන නිරීක්ෂණය කරන අවස්ථාවේ දී අධික ලෙස බීමත්ව සිටි මෙම පොලිස් සැරයන්වරයා නිරීක්ෂණය වී ඇත. ඔහු එම ඡන්ද මධ්‍යස්ථානයෙන් ඉවත් කර වෙනත් පොලිස් සැරයන්වරයෙකු එම ස්ථානයට අනුයුක්ත කර ඇති බව වාර්තා වේ. adaderana

ජනතා පැතුම ගැටලු විසඳිය හැකි නව රජයක්


ජනතාවගේ ගැටලු විසඳිය හැකි නව රජයක් බිහිකිරීම ජනතාව‍ගේ බලාපොරොත්තුවවී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා පවසයි.
යුක්තිය, සාධාරණ රජයන සමාජයක් බිහිකළ හැක්කේ එක්සත් ජාතික පක්ෂ රජයකට පමණක් බව ඔහු පෙන්වාදෙයි. ගම්පහ, කිරිල්ලවල මහා විද්‍යාලයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කරූ ජයසූරිය මහතා මෙම අදහස් පළ කළේය. මෙවර පාර්ලිමේන්තු මැතිවරණය පැවති ආකාරය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව කරූ ජයසූරිය මහතා එහිදී සඳහන් කළේය. adaderana

සුළු සිදුවීම් කිහිපයක්


මහ මැතිවරණයට අදාළව සුළු සිදුවීම් කිහිපයක් වාර්තා වන බව පැෆ්රල් සංවිධානය පවසයි.
නාවලපිටිය ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක ඡන්දපොල නියෝජිතයින් පලවා හැරි බවට එක්සත් ජාතික පක්ෂය විසින් දැනුම් දී ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි. තම නිරීක්ෂකයින් කළ විමසීමකදී නාවලපිටිය ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන 7 ක එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් නොසිටි බවට වාර්තා වූ බව රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.
ඔවුන් පලවා හැරි බවට‍ මෙතෙක් තහවුරු වී නොමැති බව ඔහු පෙන්වා දෙයි. මේ වන විට සාමකාමීව දිවයින පුරා මැතිවරණය පැවැත්වෙන බව අද දෙරණ කළ විමසීමක දී පොලිස් මැතිවරණ මහලේකම් කාර්යාලය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා ප්‍රකාශ කළේය. adaderana

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි


2009 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.
අද දහවල් අන්තර් ජාලය ඔස්සේ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා පවසයි. කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයන්හි පාසල්වල විදුහල්පතිවරුන්ට හෙට උදෑසන විභාග දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රතිඵල ලේඛන ලබා ගත හැකි බව අනුර එදිරිසිංහ මහතා කියා සිටියේය. මේ අතර කොළඹින් බැහැර පාසල්වල අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල හෙට දිනයේ තැපැල් කර හැරීමට නියමිතය. www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අන්තර්ජාලය ඔස්සේ ප්‍රතිඵල ලබාගැනීමට හැකිය. adaderana

නැවත පදිංචි කළ පිරිසකට ඡන්දය නෑ


මහ මැතිවරණය සාමකාමීව පැවැත්වෙන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.
කෙසේවෙතත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් සුළු සිදුවීම් වාර්තා වන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක ඩී.එම්. දිසානායක මහතා සඳහන් කරයි. නාවලපිටිය, ගාල්ල, මාතර, බදුල්ල ආදී ප්‍රදේශවලින් ඡන්දදායකයින්ට බලපෑම් කිරීමේ සිදුවීම් කිහිපයක් වාර්තා වන බව හෙතෙම කියා සිටියි. කිලිනොච්චි ප්‍රදේශයේ නැවත පදිංචි කරන ලද පිරිසකට ඡන්දය අහිමි වීමේ සිදුවීමක් ද වාර්තා ඇති බව සඳහන්ය.
මෙම පිරිස කලින් පදිංචිව සිටි වව්නියාව, සෙට්ටිකුලම් සුභසාධන කඳවුරට රැගෙනවිත් ඇති අතර ඔවුන්ට එහි ඡන්දය නොමැති බවට අදාළ නිලධාරීන් විසින් දැනුම් දී ඇති බව ඩී.එම්. දිසානායක මහතා ‍ප්‍රකාශ කරයි. මේ අතර වව්නියාව, සෙට්ටිකුලම සුභසාධන කඳවුරේ ඡන්දය ප්‍රක‍ාශ කිරීම සඳහා දිගු පෝලිම් දක්නට ඇති බවට මැතිවරණ නිරීක්ෂකයින් විසින් වාර්තා කර ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරකවරයා වැඩිදුරටත් කියා. සිටියේය. adaderana

ඡන්දය දෙන්න නිවාඩු නැතැයි පැමිණිලි


ඇතැම් පෞද්ගලික ආයතනවල සේවකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු ලබාදී නොමැති බවට පැමිණිලි ලැබී ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.
මැතිවරණ කොමසාරිස්වරයාට ද මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අවධාරණය කරයි. කෙසේ වෙතත් නිවාඩු අවශ්‍ය සේවකයින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලිඛිත ඉල්ලීමක් කළ යුතුව ඇති බව ද පැෆ්රල් සංවිධානය පෙන්වා දෙයි. මේ අතර ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සිදුවන අතරතුර නීතිවිරෝධී ප්‍රචාරක කටයුතු සම්බන්ධ පැමිණිලි 15 ක් ලැබී ඇති බව ද රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය. adaderana

සන්ධාන අ‍පේක්ෂක නිවසකට මැර ප්‍රහාරයක්


ගා‍ල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අ‍පේක්ෂක චන්දිම වීරක්කොඩි මහතාගේ ආධාරකරුවන් පිරිසකට අද අලුයම මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.
තමාගේ වාහනයකට මැර පිරිස් බරපතල ලෙස හානි සිදුකර ඇති බව චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කළේය. සන්ධානයේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ මැර පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කළ බව චන්දිම වීරක්කොඩි මහතා කියාසිටි‍යේය.
තම ආධාරකරුවන් රැසක් ද ඊයේ රාත්‍රියේ දී බියවද්දවා ඇති බව ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සඳහන් කළේය. මෙම බියවැද්දවීම සිදුකර ඇත්තේ සන්ධානයෙන් තරග වදින අමාත්‍යවරයෙකුගේ ආධාරකරුවන් පිරිසක් විසින් බව මුතුහෙට්ටිගම මහතා ප්‍රකාශ කළේය. adaderana

ජනපති ජන්දය ප්‍රකාශ කරයි


ජනා‍ධිපති මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන සිය ඡන්දය ප්‍රකාශ කළේය.
ඒ මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ විද්‍යාලයේ දීය. ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය, නාමල් රාජපක්ෂ මහතා, චමල් රාජපක්ෂ අමාත්‍යවරයා ද මෙහිදී ඡන්දය ප්‍රකාශ කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. adaderana

ඡන්ද ප්‍රකාශය ඇරඹේ


හත්වන පාර්ලිමේන්තුව සඳහා සභිකයින් තෝරාගැනීමේ ඡන්ද විමසීම අද පෙරවරු 7 .00ට ආරම්භ විය.
ඡන්ද විමසීම පස්වරු 4 දක්වා ක්‍රියාත්මක වනු ඇත. ඡන්ද මධ්‍යස්ථාන 11,098 කදී ඡන්දය ප්‍රකාශ කිරීම සිදුවන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය. මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව 14,088,500කි. කොළඹ, ගම්පහ, කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් වැඩිම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය ප්‍රකාශ කළේය. කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙවර ඡන්දය ‍ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයින්ගේ සංඛ්‍යාව 1,521,854 ක්. ගම්පහ දිස්ත්‍රික්ක‍යෙන් 1,474,484 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයින්ගේ සංඛ්‍යාව ‍ 1,183,649 ක් වේ. අවතැන් වූ කඳවුරුවල සිටින පුද්ගලයින් 45,692 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබේ. වන්නි දිස්ත්‍රික්කයේ අවතැන් වූ කඳවුරුවල සිටින ඡන්දදායකයින් 15,817 දෙනෙක් සහ පුත්තලම දිස්ත්‍රික්කයේ අවතැන් වූ කඳවුරුවල සිටින ඡන්දදායකයින් 26,582 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.
ඡන්දය ප්‍රකාශ කිරීමේ දී ජාතික හැඳුනුම්පත හෝ මැතිවරණ කොමසාරිස්වරයා නම් කර ඇති අනන්‍යතාව‍ය තහවුරු කිරීමේ හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ. මෙවර මැතිවරණයේ එක් විශේෂත්වයක් වන්නේ ඡන්දය සලකුණු කිරීම සඳහා මෙතෙක් භාවිත කළ පැන්සල වෙනුවට පෑන භාවිතා කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර තිබීමය. මේ අතර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 36 ක් හා ස්වාධීන කණ්ඩායම් 301 ක් ඉදිරිපත් වී සිටියි. මන්ත්‍රීධුර 196 ක් සඳහා තරග වදින අපේක්ෂකයින්ගේ සංඛ්‍යාව 7,620 කි. මීට අමතරව ජාතික ලැයිස්තුවෙන් තෝරාගැනෙන මන්ත්‍රී ධුර සංඛ්‍යාව 29ක් වේ. adaderana

මහ මැතිවරණයට ඇඟිලි මාරුවක්


අද පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඡන්දදායකයන්ගේ වමතේ සුළඟිල්ල තීන්තෙන් සලකුණු කිරීම වෙනුවට එම අතේ වෙදඟිල්ල සලකුණු කරන බව මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කරයි. මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කරන්නේ පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්ද හිමියන්ගේ සුළැඟිල්‍ලෙහි කරන ලද සලකුණු මෙතෙක් මැකී ගොස් නොමැති බවට වාර්තා වීම මෙම තීරණය ගැනීමට හේතු වූ බවයි. adaderana

Wednesday, April 7, 2010

සුසිල් කොමසාරිස්ට ලියයි


නීතිවිරෝධී ප්‍රචාරක කටයුතු සඳහා අවස්ථාව ලබානොදෙන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියි.
මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා වෙත ලිපියක් යොමුකරමින් අමාත්‍යවරයා මෙම ඉල්ලීම කර තිබේ.
එමගින් ඔහු ඉල්ලා ඇත්තේ විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂ පවත්වන මාධ්‍ය සාකච්ඡා සඳහා ප්‍රචාරණයක් ලබා නොදෙන ලෙස මාධ්‍ය ආයතන වෙත දැනුම් දෙන ලෙසයි.
පසුගිය සඳුදා මධ්‍යම රාත්‍රියෙන් සියලු ප්‍රචාරක කටයුතු අවසන් වූ බැවින් එවැනි මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම නීතිවිරෝධී බව ද ඔහු සඳහන් කර තිබේ. adaderana

ගණන් කරන තැන්වලට එස්.ටී.එෆ්


සියලුම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට පොලිස් විශේෂ කාර්යය බලකායේ ආරක්ෂාව ලබා දීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර ඇති වග එ.ජා.ප නි‍යෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා පවසයි.
මැතිවරණ කොමසාරිස්වරයාගෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මෙම තීරණය ගෙන ඇති බව හෙතෙම කියා සිටියේය. අද කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
මෙම අවස්ථාවට සහභාගී වූ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ බලයට පත්වන එක්සත් ජාතික පක්ෂ ආ‍ණ්ඩුවකට ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාවට නැංවීමට වසර හයක් අවශ්‍ය නොවන බවය.
වසර තුනක් ක් වැනි කෙටි කාලයකින් ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාවට නංවා ඉදිරි වසර තුනක කාලය තුළ එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දිමට පියවර ගන්නා බව ඔහු පැවසීය. adaderana

ජයසූරිය කල් තියා ඡන්දය දායි


මැතිවරණ කොමසාරිස්වරයාගේ විශේෂ අවසරයක් මත සනත් ජයසූරිය මහතා මාතර සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී ඡන්දය ප්‍රකාශ කර තිබේ .
ශ්‍රීලංකා පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 20 වන වගන්තියේ"ඇ" යටතේ දෙන ලද අවසරයක් මත මෙසේ ඡන්දය ප්‍රකාශ කළ බව සඳහන් වේ...
එම ඡන්දය තැපැල් ඡන්දයක් ලෙස සලකා ගණනය කිරීමට නියමිත බව කියැවේ. adaderana