![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiy8ayqfL_spk5rBbAZpOpQafGc1zmKpCNQOybsxxa8_0RqSO9WAUg6m-M7EzNrOhgxXZ4Guulj-tBR-uxSrjgvxIK1SrjA9S59hVI3FUmsvEw4XXi2Jpm-nHRA28hgA6mMv8gmbiOUkG9S/s320/jan.jpg)
පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ බ්‍රිතාන්‍ය සංචාරයේදී ඊට එරෙහිව ලන්ඩනයේදී ද්‍රවිඩ ජනතාව සිදුකළ උද්ඝෝෂණයට විරෝධය පළකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රභා ගනේෂන් මහතා පවසයි.
එම උද්ඝෝෂණය අඥාන ක්‍රියාවක් බව ද ඔහු සඳහන් කරයි. අද(04) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහ මේ බව කියා සිටියේය.
යුද්ධය අවසන්ව, රටට සාමය උදාවී මේ වනවිට රටේ සංවර්ධන කටයුතු ද කඩිනමින් සිදුවන බව මන්ත්‍රීවරයා පෙන්වාදෙයි. උතුරු නැගෙනහිර නැවත පදිංචි කිරීම් මෙන්ම සංවර්ධන කටයුතු යහපත් ලෙස සිදුවන බවත් ඒ සඳහා දායකත්වය දක්වන ලෙසත් හෙතෙම ද්‍රවිඩ ඩයස්පෝරාවෙන් ඉල්ලා සිටියි.
මෙම උද්ඝෝෂණය සිදුකළේ බ්‍රිතාන්‍යයේ වෙසෙන ද්‍රවිඩ ජන කොටසින් සුළුතරයක් පමණක් නමුත් එහි වගකීම සමස්ත ද්‍රවිඩ ඩයස්පෝරාවටම එල්ල වී ඇති බවට ද ගනේෂන් මහතා චෝදනා කරයි.
එමෙන්ම මෙම උද්ඝෝෂණය සම්පූර්ණයෙන් ඵල රහිත ක්‍රියාවක් බවත්, මෙවැනි උද්ඝෝෂණ නිසා ජනාධිපතිවරයා තුළ කිසියම් අප්‍රසාදයක් ඇතිවිය හැකි බවත් ඔහු වැඩිදුරටත් පෙන්වාදෙයි.adaderana.lk
0 comments:
Post a Comment