![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgeKDmw20kSkJL9od6XSYl2QEOakBcKjEhpyCodRYbl02xBszjjNGvMqlH5d4dnDOdobUNEz8AjDWGoqnoJlmza1OQOYVXtInGXGkMNl9Hc6wP_gvWwmXHs-zWzgz6cKeyH9pbSG2C9vJRS/s320/tiss.jpg)
රජයේ සේවකයන්ට වැටුප් වැඩිකිරීමට නොහැකි ආණ්ඩුව කිසිම අමාත්‍යාංශයක් නොමැති අමාත්‍යවරුන් දහ දෙනෙකුට රුපියල් කෝටි ගණනින් මුදල් වැය කරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
මෙම එක් අමාත්‍යවරයෙකු සඳහා මසකට රුපියල් ලක්ෂ 25 ක මුදලක් වැය කරන බව ඔහු පෙන්වාදෙයි. අද(04) මහනුවර, පාතදුම්බර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් තිස්ස අත්තනායක මහතා මේ අදහස් පළ කළේය.
හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහතා විසින් විදේශීය දූත පිරිස් මෙරටට පැමිණි අවස්ථාවලදී නවාතැන් පහසුකම් සැපයීමේ අරමුණින් ඉදිකළ විසුම්පායෙහි අද එල්. ටී. ටී. ඊ හිතවාදී කුමරන් පද්මනාදන් නවාතැන්ගෙන සිටින බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින් තිස්ස අත්තනායක මහතා කියා සිටියේය.adaderana.lk
0 comments:
Post a Comment