![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_2SjHWhjhoY0KRAFjU4adUSUsbx_G14nwZwEIzWXDnrogu__5j3qoTgxf2wtOUgZCmwLRQDEhofiq1LppOoekKfPJaT_2rBkooM647QlpyBHjfb2DP_JrmaT5BngMv-V_oaBqvhOOPYCl/s320/ruhu.jpg)
රුහුණු විශ්ව විද්‍යාලයේ පීඨ හතරක් දින නියමයක් නොමැතිව වසා දමා තිබේ. ඒ අනුව ඉංජිනේරු , වෛද්‍ය සහ කෘෂී පීඨ හැර සෙසු පීඨ සියල්ල තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුසරිත් මෙණ්ඩිස් මහතා සඳහන් කරයි.
සුළු සිද්ධියක් පාදක කරගෙන විශ්ව විද්‍යාල සිසුන් අරගලකාරී ලෙස හැසිරීම විශ්ව විද්‍යාලය වසා දැමීමට හේතුවු බව ඔහු පෙන්වා දෙයි. කෙසේ වුවත් තත්ත්වය සාමකාමී වු පසු වසා දමා ඇති පීඨ යළි ආරම්භ කිරීමට කටයුතු කරන බව සුසරිත් මෙණ්ඩිස් මහතා වැඩිදුරටත් කියා සිටියේය. adaderana
0 comments:
Post a Comment