![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjR18UzWaGej6-A3HZBndYn52UkZIYC-yu8UPxhnC4t1S0Fcfw3Bggs-D7P0W4Fj8FAUFXQOHjEmxhOK_nN2flBy_tgOMKWHNdi5UB8PU6eG6havQjzCoSaAkViKTrmLRKUeQmtAWRiN4yg/s320/aliya.jpg)
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට අදාළ යෝජනාවලියක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කර තිබේ..
අද පස්වරුවේ දී රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමෙන් අනතුරුව දයාසිරි ජයසේකර මහතා විසින් අදාළ යෝජනාවලිය ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට අදාළව යෝජනා 5 ක් මීට ඇතුළත් බව දයාසිරි ජයසේකර මහතා අද දෙරණ කළ විමසුමකදී සඳහන් කළේය.
කෙසේවෙතත් මීට පෙර සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා ද පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට අදාළව යෝජනා රැසක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරනු ලැබිණි.
මෙම යෝජනාවලිය පසුව එ.ජා.ප කෘත්‍යධිකාරි මණ්ඩල රැස්වීමකදී සාකච්ඡාවකට බඳුන් කරනු ඇතැයි කියැවේ. adderana
0 comments:
Post a Comment