![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhB8oTzO9ENLQv4hpFgfZtehF9yn2fzh4-ZqqtQDv5lJZV-fgKCDfdhG2PM-x6ROiIly0u0VjmisgRl-wOM0cQSdIyyE9EkrVKYMtOluhBEZurLd-G5qO13WygX5J62UF5Ty6w7xOVyla_n/s320/gala.jpg)
මහව, කට්ටඹුවාව ප්‍රදේශයේ විශාල ගල්තලාවක පිපිරීමක් හටගෙන තිබේ. විශාල හඩක් නංවමින් මෙම පිපිරීම් සිදුවන බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. කිලෝමීටර් 15 ක පමණ පුරා පිහිටි මෙම ගල්තලාවේ ස්ථාන රැසක මේ වන විට පිපිරීම් හටගෙන ඇත.
මෙම පිපිරීම් සම්බන්ධයෙන් භූවිද්‍යා හා පතල් කාර්යාංශය ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ කේ.ඒ.ඩී.එල්. විජේනායක මහතා විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැත. ගල්තලාව අවට නිවාසවල වෙසෙන ප්‍රදේශවාසීන්ට ඉන් ඉවත් වන ලෙස ද භූ විද්‍යා හා පතල් කාර්යාංශය දැනුම් දී තිබේ. adaderana
0 comments:
Post a Comment