![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEio9A_N6KaSKkf8ToDnoBbMFE_xHznHYWfCph4WvCtQFD7e7JPNQ2avtoAueQaLAMQkH5qmG5ObIk79XRQCy-uZoFA41Xq46v5u8e42j6zMbfwugdh6rRBVXj-A5Lu-lhHsB6XLCAKm2cGd/s320/saji.jpg)
දැනට එක්සත් ජාතික පක්ෂයේ ලේකම් ධූරයක් දරන හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ උප නායකධූරයට පත් කීරීමට පක්ෂ නායකත්වය හා කෘත්‍යධිකාරී මණ්ඩලය තීරණය කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව මැයි මස 05 වන දින අදාළ පත්වීම සිදුකරනු ලැබීමට නියමිත බව සඳහන් වේ. මෙතෙක් පක්ෂයේ උප නායක ධූරය දැරූ රුක්මන් සේනානායක මහතා පක්ෂයේ දැරූ තනතුරු වලින් අස්වීමත් සමග උප නායක ධුරය පුරප්පාඩුව පැවතිණි.
එසේ වුවද එක්සත් ජාතික පක්ෂයේ හිටපු උප නායක රුක්මන් සේනානායක මහතා පසුගිය දා සති අන්ත පුවත්පතකට ප්‍රකාශයක් ලබා දෙමින් කියා සිටියේ තමාගේ තනතුර සජිත්ට ලබා දෙන්නට ක්‍රියා කරමින් සිටියද සැබවින්ම සජිත්ට ලබාදිය යුත්තේ පක්ෂ නායකත්වය බවයි. adaderana
0 comments:
Post a Comment