![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgJdw5QNov0GiatGuhwpSiI6mR0pdWeRo68Vn0M120-MTXCxUFrAP9U2pHy3CibFE7vGg-ECKUUzxCa2NHNgPNz8LTSicttqS18Psp8Q3z9MVbRfVsuG5_4uVJmQXYePs5Dp0UsQquVC7CZ/s320/eath.gif)
2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල සුරතලා ලෙස ඇත් පැටවා නම් කර තිබේ. ලබන වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම ටිකට් පත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් භාරදීම ඊයේ සිදුවූ අවස්ථාවේ දී මෙම නම් කිරීම සිදුවිය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ශාරාඩ් පවර් මහතා අතින් ටිකට් පත ජනාධිපතිවරයාට ලබා දුනි. කොළඹ හිල්ටන් හෝටලයේ පැවති මෙම උත්සවයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති හරූන් ලෝගාට් මහතා , ක්‍රීඩා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ. adaderana
0 comments:
Post a Comment