![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgPZnxSL3Bv9hbY63Ry5AEDabgh58wdhljuAF-dPM9gWnHxpgkyxeQ7sPzEJTdlD2Aso7Bn7OX97wETaHq_IjD2emwGxv6VsUFKONnskQaxT33AZ1K3b3_WbuPWHfnvDwQOfc2v_ltqMaPR/s320/aaaa.png)
ක්රීඩා සමාජ තුළින් තරුණ තරුණියන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ වැඩසටහනක් ක්රියාත්මක කිරීමට ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේ.
ක්රීඩා සමාජ තුළ රැකියා විරහිත තරුණ තරුණියන් විශාල පිරිසක් සිටින බවට සමීක්ෂණ වලින් හෙළි වී ඇති බව එහි සභාපති කිංස්ලි රණවක මහතා පවසයි. මෙම පිරිස හඳුනාගෙන වෘත්තීය පුහුණුව ලබා දීමෙන් පසු විදේශ රැකියා සඳහා යොමු කරවීම වැඩසටහනේ අරමුණ බව ඔහු සඳහන් කරයි.
ඒ යටතේ සූරිය වැව, ලුණුගම්වෙහෙර හා තිස්සමහාරාම ප්රාදේශීය ලේකම් කොට්ඨාස වල ලියාපදිංචි ක්රීඩා සංගම් 70 ක් සඳහා ක්රීඩා උපකරණ ප්රදානය කිරීමේ උත්සවයක් අද පැවැත්වීමට නියමිතය. මීට පෙර උඩුනුවර, මිනුවන්ගොඩ සහ මාතර දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස රැසක ක්රීඩා සංගම් සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ක්රීඩා උපකරණ බෙදා දී ඇත.adaderana
0 comments:
Post a Comment