![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhvbM-iTBb9QvcPzHeZJphcXu5JwBM_iddiVZgmPelLAIJhuFx500CL1jMWNb90oECX_U2RwJ2QO0Ayq_e9TXzL5V7bDOcNAm1D5hlpduAdU6cGYIizEEDp7WmH59pJQDs-G03RqpU-_ThR/s320/chann.jpg)
ඇතැම් පෞද්ගලික ආයතනවල සේවකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු ලබාදී නොමැති බවට පැමිණිලි ලැබී ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.
මැතිවරණ කොමසාරිස්වරයාට ද මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අවධාරණය කරයි. කෙසේ වෙතත් නිවාඩු අවශ්‍ය සේවකයින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලිඛිත ඉල්ලීමක් කළ යුතුව ඇති බව ද පැෆ්රල් සංවිධානය පෙන්වා දෙයි. මේ අතර ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සිදුවන අතරතුර නීතිවිරෝධී ප්රචාරක කටයුතු සම්බන්ධ පැමිණිලි 15 ක් ලැබී ඇති බව ද රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය. adaderana
0 comments:
Post a Comment