![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEggW9KNsCwOrMMIHBqGwgwofMNUcBHr_F99PgkguNuRYKeaGI7zFbcawBgQCQbDgSDLfQqPFP8VVz6CQ0xnBURkADpVgFTWrGYJ0q7Ft4I5fPSLFOe12AoBHy65_noj4_ujVPLztSrOBQtn/s320/crr.bmp)
මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ වැඩපිළිවෙළ අද දෙවන දිනටත් ක්‍රියාත්මක වේ.
තැපැල් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගෙන්ගෙට පැමිණ බෙදා හරින නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගැනීම සඳහා නිවසේ රැඳී සිටිමින් සහය දක්වන ලෙසයි.
මේ සඳහා දිවයින පුරා 7,500ක පමණ තැපැල් නිලධාරීන් පිරිසක් යොදවා තිබේ. නිල ඡන්ද දැන්වීම් පත්‍රීකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ඊයේ ද ක්‍රියාත්මකවිය. පසුගිය 23 වැනිදා බෙදා හැරීම් ආරම්භ කළ නිල ඡන්ද දැන්වීම් පත්‍රීකා වලින් සියයට 35ක් පමණ මේ වන විට බෙදා හැර අවසන් බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඡන්ද පත්‍රීකා බෙදා හැරීම ලබන 31 වන දිනෙන් අවසන් වීමට නියමිතව ඇත.
කෙසේ වුවද එම කාලය තුළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගත නොහැකි වු පුද්ගලයන්ට සිය අනන්‍යතාවය තහවුරු කිරීමෙන් පසු ප්‍රදේශයේ තැපැල් කාර්යාල වලින් ඒවා ලබා ගැනීමට ද පහසුකම් සලසා තිබේ. adaderaana
0 comments:
Post a Comment