![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi4nAkdAhqeTG0tqd2a5JVS1dWarKGs_fBQ8GU9mJdO5NKbMreAEGZYPDf6YLAVd7U8nYoe33rQ1uujyOvaPfwrWXsBIU47sQcyzi-Zur5T_btuaskNmrFCA3aQbh-Fa4cyoSWMfoSbxEuD/s320/chaa.jpg)
ඉදිරි මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම හෙටින් ආරම්භ කෙරෙයි.
එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් විසින් ප්‍රාදේශීය තැපැල් අධිකාරීවරුන් වෙත අද භාරදීමට නියමිතය. මෙවර මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව 14,488,500කි. ඔවුන් වෙත ලබන 31 වන දින වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැර අවසන් කරන බව තැපැල්පති එම්.කේ.බි.දිසානායක මහතා සඳහන් කළේය.
ඒ සඳහා තැපැල්කරුවන් 7,500 ක් පමණ යොදවා ඇති බව ද සඳහන්ය. ප්‍රාදේශීය තැපැල් අධිකාරීවරුන්ගේ අධීක්ෂණය යටතේ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සිදුකෙරෙන අතර තැපැල් දෙපාර්තමේන්තුව මගින් විශේෂ අධීක්ෂණ මණ්ඩලයක් ද පත්කර තිබේ. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස මේ මස 28 වන දින නම් කර ඇත. එම ඡන්ද පත්‍රිකා බෙදා හැරීම වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී ඇති බව පොලිස් මැතිවරණ කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතා පැවසීය. adaderana
0 comments:
Post a Comment