![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhtFA3oLd4kyBHRs_2rHFIO0mxeuGxzSHIpWQBnctHkxaLfHF-msE43TwlEn1zcNN6sPF5zjMTTtwpvFuotzPfFcATMObgihFtLHKitYCuxwoIDi8xdAfvN6MOD_DW3lz2AmQ-PpYDc63Nx/s320/hora.jpg)
හොරණ මහේස්ත්රාත් අධිකරණයේ තෝල්ක මුදලිවරයා අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
අවසන් වූ නඩුවක නඩු පිටපත ලබාදීම සඳහා රුපියල් 3,000 ක මුදලක් ලබාගන්නා අවස්ථාවේ දී මොහු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසන් සභාව පවසයි. ඊයේ පස්වරුවේ හොරණ අධිකරණය භූමිය තුළ දී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසන් සභාවේ වැඩබලන අධ්යක්ෂ සරත් සෝමවීර මහතා ප්රකාශ කළේය. අදාළ පුද්ගලයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ada
0 comments:
Post a Comment