![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjt3YCOKAToUIglGzyJqNsyOZ9tQedP0XoqGIqBpzLdUfw0WK0rfemi_GtSFUBEx2sLwOp5a8_SeiQMGBf81p_uXylh8aGsx9dvO1ifcNBUQiRez3M2ILkKZLz1Rmc2n9S1U51HM57F53hK/s320/mada.jpg)
මඩකළපුව කන්නන්අඩි ප්රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී අවි ආයුධ ඇතුළු යුධ උපකරණ තොගයක් සොයා ගෙන තිබේ.
මඩකළපුව පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරීන් මෙම සෝදිසි මෙහෙයුම ක්රියාත්මක කර ඇති බව සඳහන්ය. එහි දී ටී 56 ගිනි අවි 02 ක්, ටී 56 පතොරොම් ගැබ් 10 ක්, එම උණ්ඩ 120 ක් සහ එම්.පී.එම්.ජී අවි සඳහා යොදා ගන්නා උණ්ඩ 98 ක් සොයා ගෙන ඇති බව පොලීසිය පවසයි.
මේ අතර සේරුනුවර පූ නගර් ප්රදේශයේ ලඳු කැළෑවක තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ මිලි මීටර 7. 62 වර්ගයේ ජීව උණ්ඩ 91 ක් සොයා ගැනීමට සේරුනුවර පොලීසිය සමත්ව ඇත. මීට අමතරව නිට්ටඹුව පොලිසීය විසින් නිට්ටඹුව, කඹුරාගල්ල ප්රදේශයේ ඔයක තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයා ගෙන ඇති අතර යුද හමුදා බෝම්බ නිෂ්ක්රීය අංශයේ නිලධාරීන් විසින් එම බෝම්බ නිෂ්ක්රීය කර ඇති බව වාර්තා වේ. ada
0 comments:
Post a Comment